― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එකතු වෙයි

එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එකතු වෙයි

ඩුබායි එමිරේට්ස් ගුවන් සේවය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතාව ඉහළ නැංවීම අරමුණෙන් අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ටිකට් පතක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි.

එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.