ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) හම්බන්තොටදී ගොවීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.
නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේදීත් අක්කර හැට දහසකට වැඩි වගා ප්‍රමාණයක් විනාශ වී තිබේ.