25.6 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් නඩු

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් නඩු

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්,එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් 8දෙනෙකු වෙත දූෂණ චෝදනා ගොනුකර ඇත.

2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර සිදුව ඇති බවට පැවසෙන දුෂණ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා ගොනුකර තිබෙනවා.

මේ අනුව කණ්ඩායම් සම අයිතිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi වෙතද චෝදනා එල්ලවී තිබෙනවා.

එසේම පිතිකරණ පුහුණුකරු Ashar Zaidiහට ද, සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon හටද, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙතද මෙලෙස දූෂණ චෝදනා එල්ලවී තිබේ.

එසේම චෝදනා එල්ලවන ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලාංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන්ද වීම විශේෂත්වයකි.

මීට අමතරව දේශීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rizwan Javed හට සහ බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හටද එමගින් ICCය විසින් චෝදනා ගොනුකර ඇත.