30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම ඉහළට

විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම ඉහළට

පුහුණුව සඳහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළේ විදේශ පුහුණුව සඳහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමඟ විශේෂඥ වෛද්‍ය ගැටලුවට පිළියම් ලැබෙන බවයි.

විශේෂඥ වෛද්‍යවරු පුහුණුකිරීමට බඳවා ගන්නා ප්‍රමාණය වැඩිකිරීම සඳහා උපදෙස් ලබාදුන්නා. සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් පුහුණුකිරීම සඳහා වසර 5ක පමණ කාලයක් ගතවෙනවා. වසර 5කදී පමණ මෙම ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳීමට හැකියාව ලැබෙනවා. මොකද බඳවා ගන්නා ප්‍රමාණය දැන් ඉහළ දමා තියෙන නිසා. අපිට වැඩි ප්‍රමාණයක් විශේෂ වෛද්‍යවරු බඳවා ගැනීමට හැකියාව තියෙනවා. ඉදිරියේ දී විශේෂ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ පිරිස පැමිණීමත් සමඟ මං හිතනවා මේ ගැටුම්කාරී තත්ත්වයට විසඳුමක් ලැබෙයි. විදේශ පුහුණුව ලැබීමට වෛද්‍යවරු 600ක පමණ පිරිසක් විදේශ ගතවෙලා තියෙනවා. මේ පිරිසෙන් යම් පිරිසක් පැමිණෙන්නේ නෑ. නමුත් 50%ක් පැමිණියත් සමග මෙයට යම් විසඳුමක් ලැබෙනවා. ඔවුන් තව වසරකින් පමණ පැමිණීමට නියමිතයි.