― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධාවනයෙන් ඉවත් කළ සුඛෝපභෝගී බස් 50ක් නැවත ධාවනයට

ධාවනයෙන් ඉවත් කළ සුඛෝපභෝගී බස් 50ක් නැවත ධාවනයට

දැනට ධාවනයෙන් ඉවත් කර ඇති අධි සුඛෝපභෝගී බස්රථ 50ක් ඉතිරි මාස හය තුළ නැවත ධාවනයට එක් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කටුබැද්ද අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවා ආයතනයේ බස්රථ අංගනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනකට රුපියල් ලක්ෂයකට වඩා ශුද්ධ ලාභයක් ඉපයිය හැකි මෙම බස් රථ 50කට අධික ප්‍රමාණයක් කටුබැද්ද අංගනයේ ගාල්කර තිබෙන බවත් ඒ පිළිබඳ විශේෂ සොයා බැලීමකින් අනතුරුව ඉතිරි මාස හයක කාලය තුළ මෙම බස් රථ 50 නැවත ධාවනයට එක් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත්ය.

ඒ අනුව ලංගම වෙත විශාල ලාභයක් දෛනිකව අහිමි කරන මෙම බස් රථ කඩිනමින් අලුත්වැඩියා කර නැවත ධාවන තත්ත්වයට පත් කිරීම සඳහා උපදේශකවරයෙකු ලෙස ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල පත්කර තිබේ.

විවිධ කාර්මික දෝෂ, අමතර කොටස් හිඟය ඇතුළු ගැටළු හේතුවෙන් දැනට ධාවනය සිදු නොකරන බස්රථ පනහකට අධික ප්‍රමාණයක් මෙම අංගනයේ ගාල් කර ඇති ආකාරය අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.