― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදැරියකට හදි කළ අයෙක්ට වසර 14ක සිර දඬුවමක්

දැරියකට හදි කළ අයෙක්ට වසර 14ක සිර දඬුවමක්

වසර 17කට පෙර ළමා අපචාරයක් සිදු කළ අයෙක්ට බරපතල වැඩ සහිත වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ.

59 හැවිරිදි මෙම පුද්ගලයා 2006 වර්ෂයේදී තිස්සමහාරාමයේ පිහිටි නිවසේදී බිරිඳගේ බාලවයස්කාර නැගණිය දූෂණය කර තිබේ.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වන අතර වැඩිදුර විමෑශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු 2006 වර්ෂයේදී නිවසේ කිසිවෙක් නොමැති අවස්ථාවක මෙම බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ඇති බවයි.

හම්බන්තොට මහාධිකරණය විසින් සැකකරුට වසර 14ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ එකහමාරක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.