― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews'පැට්ටා⁣ මංජුගේ' ප්‍රධාන ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට

‘පැට්ටා⁣ මංජුගේ’ ප්‍රධාන ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට

විදේශගතව සිටිමින් අපරාධ ජාලය මෙහෙයවන මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පැට්ටා⁣ මංජුගේ’ ප්‍රධාන ගෝලයන් දෙදෙනා අයිස් සහ ජීව උණ්ඩ තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සදහා පැමිණ තවත් පාර්ශවයකට මත්ද්‍රව්‍ය ලබා දීම සදහා සූදානාම්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේ දී එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද අතර මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා කරෙහි එල්ලාගෙන සිටි ගමන් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුල තිබී විද්‍යුත් තරාදියක් හා මි.මී. 09 (9X9 mm) වර්ගයේ ජීව උණ්ඩ 250 ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 05ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලැබූ ආයතනයක තෙවන හා සිව්වන මහල සෝදිසියට ලක් කිරීමේ දී එහි කාර්යාලයක් තුල සගවා තිබී අත්අඩංගුවට ගන්නා ලද එක් සැකකරුවකුගේ ඡායාරූපය යොදා සකස් කර ඇති ව්‍යාජ හැදුනුම්පත් 03ක්, ව්‍යාජ ලෙස සකස් කර ඇති රාජ්‍ය හා පුද්ගලික අංශයේ රබර් නිළ මුද්‍රා සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන හේමන්ත හෙවත් පැට්ටා මංජු යන අයගේ සමීපතමයන් බවත් මොහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවත් අනාවරණය කර ගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 වන පුද්ගලයන් වන අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.