27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ගැන තීරණය ලබන සතියේ

උසස් පෙළ ගැන තීරණය ලබන සතියේ

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව ඉදිරි සතියේදී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් අපි සැලකිල්ලට ගත යුතුව තිබේ. එසේ කළහොත් 2024 මාර්තු, අප්‍රේල් පැවැත්වීමට සැලසුම් කරලා තියෙන 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි, ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇත. 2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 ජූලි මාසයේ දී සිදුවනු ඇත. 2024 ජූලි මාසයේ දී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එසේ වුවහොත් 2024 උසස් පෙළ දෙසැම්බර් හෝ 2025 ජනවාරි දක්වා කල්යනු ඇත. ඒ අනුව දැනටමත් අධ්‍යාපන පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන පසුබෑම නිවැරදි කරගැනීම තවදුරටත් පමාවනු ඇත. පාසල් විභාග අක්‍රමවත් වීමෙන් පාසල් කාලසටහන් ද ප්‍රමාද වීමට ඉඩඇත. ඒ අනුව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනීම ද දින කිහිපයක් කල්යනු ඇත. උසස් පෙළ ප්‍රමාද කිරීමෙන් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් යම් කාලයක් රැඳී සිටිම හේතුවෙන් පන්ති කාමර ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ප්‍රමාද වේ.