― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකුකුල් මස් මිල අඩු වන ලකුණු

කුකුල් මස් මිල අඩු වන ලකුණු

කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව අද (21) පැවැත්වීමට නියමිත අතර මේ වනවිට රුපියල් 1250 ක මිලකට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.