31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුල් මස් මිල අඩු වන ලකුණු

කුකුල් මස් මිල අඩු වන ලකුණු

කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව අද (21) පැවැත්වීමට නියමිත අතර මේ වනවිට රුපියල් 1250 ක මිලකට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.