27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවල් ඌරු රංචුවක් නිසා සිව්දෙනෙක් රෝහලට

වල් ඌරු රංචුවක් නිසා සිව්දෙනෙක් රෝහලට

ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්‌ගයේ පන්නලවෙල ප්‍රදේශයේදී රාත්‍රියේ ගමන්‌ ගත්‌ මෝටර්‌ රථයකට වල්‌ ඌරන්‌ රංචුවක්‌ පැනීම හේතුවෙන්‌ අනතුරක්‌ සිදුව තිබෙනවා.

එම අනතුරින්‌ මෝටර්‌ රථයේ ගමන්‌ ගත්‌ සිව්‌ දෙනෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත්‌ කර ඇති අතර මෝටර්‌ රථයට බරපතල හානි සිදුව ඇත.

අනතුරට ලක්‌ වූ මෝටර්‌ රථය වැලිමඩ දෙසට ගමන්‌ කරමින්‌ සිටියදී මාර්ගය හරහා වල්‌ ඌරු රංචුවක්‌ පැන ඇති අතර එම රංචුව රථයේ ගැටීම හේතුවෙන්‌ රථය විසි වී පහලින්‌ පිහිටි නිවසක මිදුලට පෙරලී ගොස්‌ තිබේ.

මෙම අනතුරින්‌ මෝටර්‌ රථයට ද දැඩි හානි සිදුව තිබේ.