― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා විරෝධතාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද (22) දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසද විරෝධතාවයේදී රජයට බල කරන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී මැදිවත්ත සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන කර ඇති මෙම විරෝධතාව නම් කර ඇත්තේ ජාතික ‘සෞඛ්‍ය විරෝධතා දිනය’ ලෙසයි.

අද දහවල් 12 සිට 1 දක්වා විරෝධතාව පැවැත්වෙනු ඇති.