29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුංචි ඡන්දයට බාරදුන් නාමයෝජනා අවලංගු කෙරේ

පුංචි ඡන්දයට බාරදුන් නාමයෝජනා අවලංගු කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීමේදී බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය පළ වී ඇත.

විෂයභාර ඇමති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි මෙම එකඟත්වය පළ වී ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් එහිදී තීරණය කර තිබේ.