27.8 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැඩ පහරට හසු වී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

සැඩ පහරට හසු වී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේ දී නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආරේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචි තාරුෂ දිනුවර නමැති ශිෂ්‍යයා මෙලෙස මියගොස් තිබෙනවා.

ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවකු වන අතර පාසලේ 14න් පහළ හොකී කණ්ඩායම නියෝජනය කළ අයකු බව ද වාර්තා වේ.

ඔහු ඇතුළු හොකී කණ්ඩායම හෙට (23) දිනයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණුවීම්වල නිරත ව තිබේ.

පුහුණු වීම් නිමා වීමෙන් පසු පුහුණුකරු විසින් සිසුන්ට පාසල බලා පිට ව යන ලෙස දැනුම් දී ඇති නමුත් මිය ගිය සිසුවා වෙනත් සිසුන් කිහිප දෙනෙකු සමඟ කිරම ආරේ දිය නෑමට ගොස් ඇත.

එහි දී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන්ය.