― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsEPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු 15,000ක්

EPF නොගෙවූ සේවා යෝජකයින්ට නඩු 15,000ක්

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ව්‍යවස්ථාපිත දිමනා නොගෙවූ සේවා යෝජකයින්ට එරෙහිව නඩු 15,000ක් පමණ පැවරීමට පියවර ගෙන ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පැවසුවේ, මෙහිදි අධිකරණ කටයුතුවල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා කම්කරු උසාවි සඳහා අධිකරණ බලය ලබා ගැනීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් සකස් කරමින් ඇති බවයි.