― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතුන්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී කතක් ජීවිතක්ෂයට

තුන්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී කතක් ජීවිතක්ෂයට

බලංගොඩ, වැලිහරනාව ප්‍රදේශයේ තුන්මහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ සිට බිමට ඇදවැටී ඊයේ (22) පස්වරුවේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බලංගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 62ක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාව මහල් ගොඩනැඟිල්ලේ කුලී පදනම මත පදිංචිව සිට ඇති තැනැත්තියක් බව සඳහන්.

මෙම කාන්තාව ගොඩනැඟිල්ලේ ඉහළ මහලට නැඟී අවස්ථවේ දී පය ලිස්සා ඉන් පහළට ඇදවැටී ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.