22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්කව එළියට ගන්න රොෂාන් වැඩ පටන් ගනී

ධනුෂ්කව එළියට ගන්න රොෂාන් වැඩ පටන් ගනී

ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේදී බන්ධනාගත කෙරූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර තිබේ.

ධනුෂ්ක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී අදාළ චෝදනාව එල්ල වීම නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටි යුතු බවත් එම මැදිහත්වීම කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.