මුදල් අමාත්‍යවරයා විසින් සඳුදා පැවැත්වීමට නියමිත 2023 වසර සඳහා වන අයවැය කතාවට අදාළව පසුගිය වසරවල සිදුකළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගාර සහ අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇති.
ලබන 14 වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට පමණක් සීමා කෙරේ.
සාමාජිකයින්ගේ වාහන නැවැත්වීමේ ස්ථානය මෙදින වසා තබන බැවින් සාමාජිකයින්ගේ වාහන අදාළ වාහන නැවතුම්පොළ වෙත යොමු කෙරේ.
එමෙන්ම එදින එම ප්‍රදේශයේ සහ ඒ අවට පොලිස් ස්ථානවල රථවාහන පොලිසිය විසින් විශේෂ ප්‍රවාහන විධිවිධාන සලසා දෙනු ඇත.
ඉහත විශේෂ ආරක්ෂක විධිවිධාන සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කථානායකවරයා පැවසීය.


