28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටින් අඩු බර දරුවන් 22,000ක් හඳුනා ගැනේ

මෙරටින් අඩු බර දරුවන් 22,000ක් හඳුනා ගැනේ

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීමේ ජාතික වැඩසටහන මගින් මෙරටින් අඩු බරැති ළමුන් 22,000ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපති උපදේශක සුරේන් පට්ටගොඩ කියා සිටියේ වයස අවුරුදු 5ට අඩු ළමුන් ලක්ෂ 10කගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව අනාවරණය වී ඇති බවයි.

අඩු බර දරු උපත් සිටින පවුල් සඳහා සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි ග්‍රාම සේවක ඒකක 14,000ක මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.