28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෑගල්ලේදී මුහුණට මුහුණ ගැටුණු වෑන් රථ දෙක

කෑගල්ලේදී මුහුණට මුහුණ ගැටුණු වෑන් රථ දෙක

කොළඹ – නුවර මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී වෑන් රථ දෙකක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථ දෙකෙහි ගමන්කළ කුඩා ළමුන් තිදෙනකු ඇතුළු 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

කොළඹ සිට දෙල්තොට දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

කෑගල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.