28.4 C
Colombo
Thursday, June 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමට නව භෞතචිකිත්සකවරයෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞතචිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත් ක‍ර තිබෙනවා.

ඔහුගේ පත් කිරීම අද සිට ක්‍රියාත්මක බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වසර දෙකක කොන්ත්‍රාත්තුවකටයි එළඹ තිබෙනවා.

නැගෙනහිර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භෞත චිකිත්සාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් උසස් භෞත චිකිත්සාව පිළිබඳ MSc උපාධියක් ලබා ඇති ක්‍රිස්, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞතචිකිත්සකවරයා ද ලෙස කටයුතු කර තිබෙනවා.