23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

හෙට (02) දිනයේදී දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

 ඊයේ (31) සිට කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බව ඔවුන් පවසනවා.

ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013න් පස්සේ සිදු වී නොමැති බවත් එයට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට මේ ස්මස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යෑමට සිදුවන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.