― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsමැතිවරණය මාර්තු 19ට පෙර පැවැත්විය යුතුයි

මැතිවරණය මාර්තු 19ට පෙර පැවැත්විය යුතුයි

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ මෙවර මැතිවරණය ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු වියදමකින් අවසන් කළ හැකි බවයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ මෙවර මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය බවයි.

මැතිවරණ පනතේ පවතින නීති අනුව සියලු කටයුතු සිදුවන අතර නීතියෙන් නියෝගයක් ලැබෙන තෙක් මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

දැනට පවතින තත්වය මත වියදම සම්බන්ධයෙන් ඇස්තමේන්තු ගත කළ අතර ඒ අනුව, රුපියල් බිලියන 10ක මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා කියාසිටියා.