― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්ලම් පිස්තෝල දෙකක් සමග රුසියානු ජාතික යුවළක් අත් අඩංගුවට

සෙල්ලම් පිස්තෝල දෙකක් සමග රුසියානු ජාතික යුවළක් අත් අඩංගුවට

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ තිබී සෙල්ලම් පිස්තෝල බව හැඟවෙන උපකරණ දෙකක් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි මෙම රුසියානු ජාතිකයා, ඔහුගේ 26 හැවිරිදි රුසියානු ජාතික බිරිඳ සහ 9 හැවිරිදි පුත්‍රයා රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යාම සදහා අද දහවල් 12.10ට එරොෆ්ලොට් ගුවන් සේවයේ යානයකට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් මොවුන් කොළඹ 5 ප්‍රදේශයේ පදිංචි වී සිටිමින් රැසියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමේ සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයක නිරත වී සිටි පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

මෙම යුවළ ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසීමේදී ඔවුන්ගේ ගමන් මල්ලේ පිස්තෝල ඇති බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කළ පරිලෝකන යන්ත්‍ර (Scan) පරීක්ෂාවේ දී අනාවරණය වී තිබෙනවා.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම රුසියානු ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පිස්තෝලවල උණ්ඩ නිකුත් කිරීමට කොකෙකු (Trigger) නොමැති බවත් එහෙත් උණ්ඩ ගමන් කරන බටය යකඩ වලින් නිර්මාණය කර තිබීම සැක කටයුතු බවයි.

එබැවින් මෙම පිස්තෝල හෙට දිනයේ කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සදහා ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ පොලීසිය තීරණය කර තිබෙනවා.

එහිදී මෙම පිස්තෝල සෙල්ලම් ඒවා ද, නැති ද යන තීරණය මත මෙම රුසියානු ජාතික යුවළ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිතයි.