― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමාසික වැටුප් සතිපතා ගෙවන්න - උදය ගම්මන්පිල

මාසික වැටුප් සතිපතා ගෙවන්න – උදය ගම්මන්පිල

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බව ජිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා සිටියා.

එම මාධ්‍ය හමුවේදී ඔහු මෙලෙස පවසා සිටියා,

“ආණ්ඩුවේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන දිනයේ දී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි යැයි ආණ්ඩුවේ ඇමතිවරුන් පැවසුවා. ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම් වලටත් මාසික වැටුප් ගෙවීම බරපතල අභියෝගයක් වෙලා තිබෙන්නේ. ඒ නිසා පෞද්ගලික අංශය පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ.

ජනතාවගේ ආදායම අඩු වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ පුරුදු විධියට වියදම් කරන්න බැරි වෙලා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මාසයකට ලැබුණු වැටුප සති තුනක් වෙන්නත් කලින් අවසන් වීම. ඉතිරි සතිය ගත කරන්න පොලියට ණය ගන්නවා. ඊලඟ මාසයේ පොලියත් එක්ක ණය ගෙවන විට අර්බුදය තවත් උග්‍ර වෙනවා.

වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සතිපතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.”

ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සතිපතා හෝ දෙසතියකට වරක් මිස මාස්පතා නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.