― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsඅත්හිටවූ නිවාස ණය ආධාර සතියකින්

අත්හිටවූ නිවාස ණය ආධාර සතියකින්

කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නිවාස ණය හා ආධාර ලබා දීම යළි ඇරැඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර පෙබරවාරි 15 සිට 22 වැනිදා දක්වා වන සතියක කාලයේ මෙම ණය හා ආධාර වැඩසටහන් වල ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන් කිරීමට වහා පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ 2021 සහ 2022 වසරවල ආරම්භ කළ ව්‍යාපෘති අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසයි.