― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeHot Newsතුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කතගේ සිරුර සොයා ගැනේ

තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කතගේ සිරුර සොයා ගැනේ

තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් පසු අතුරුදන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඇයගේ මළ සිරුර ඇගේ දියණිය විසින් හඳුනාගෙන ඇති බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ කාන්තාව ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර වසර 20කට පමණ පෙර තුර්කියේ පදිංචියට ගිය තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව 69 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.