24 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවෙක්ට අතපයේ හයිය පෙන්වූ සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙක්ට අතපයේ හයිය පෙන්වූ සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

මොරන්තුඩුව ධම්මානන්ද විද්‍යාලයේ 11 වසර සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේම සිසුන් පිරිසෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 10 වසරේ සහ 12 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක්. පහර කෑ සිසුවා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ දකුණු පාදයේ අස්ථියක් බිඳීම හේතුවෙන් ශල්‍යකර්මයට ලක්කර තිබෙනවා.

පහර කෑ සිසුවා මීට පෙර තවත් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය පැවසුවා.

සිසුවාට පහර දුන් බව කියන තවත් සිසුන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.