25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොර බෙදා හැරීම හෙට සිට ඇරඹේ

පොහොර බෙදා හැරීම හෙට සිට ඇරඹේ

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට (20) සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අද (19) පස්වරුවේ අදාළ පොහොර තොගය නිල වශයෙන් මෙරටට භාර දීමට නියමිතව ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ.

යල කන්නයේ වී වගාව ආරම්භ කර ඇති සියලු දිස්ත්‍රිකක්වලට අදාල පොහොර තොගය බෙදා හැරීමට නියමිතව ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.