28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිරුවතින් සොරකමේ යන අයෙක් සොයා පරීක්ෂණ අරඹයි

නිරුවතින් සොරකමේ යන අයෙක් සොයා පරීක්ෂණ අරඹයි

කළුතර ප්‍රදේශයේ නිවාසවලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී දේපළ සොරාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය දින කීපය තුළ කළුතර ප්‍රදේශයේ නිවාස ගණනාවකට ඇතුළු වී දේපළ සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස නිවාස වලට ඇතුළු වන මෙම පුද්ගලයා එහි දී මන්නයක් අත දරාගෙන නිරුවත් වී සැරිසරන අයුර නිවසක් තුළ සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරාවක ද සටහන්ව තිබුණා.

කළුතර දකුණු සහ උතුරු පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.