23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක වහල් බව ප්‍රචලිත කරන පනතක් - කාදිනල් හිමි

නව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක වහල් බව ප්‍රචලිත කරන පනතක් – කාදිනල් හිමි

1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බැවින් එය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ. 

කොළඹ 8, අගරදගුරු මැදුරේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ. 

මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු ඇති බවද අගරදගුරුතුමෝ කීහ.