27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන ආයතන අධීක්ෂණයට විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතන අධීක්ෂණයට විශේෂ කමිටුවක්

පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මෙම කමිටුව ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, (අමාත්‍යවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළත්) පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජනය කරයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් මාර්තු මස 19 වැනි දා අවසන් වූ බැවින් එහි ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ස්ථාපිතය.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම,එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කිරීමට හා සිදුකිරීමට තීරණය වීම හා සමහර කරුණු පිළිබඳව සාකච්ඡා විය.