ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ගාමිනී ප්‍රියන්ත සමරකෝන් වැලිමඩ නගරයේදී පිරිසක් විසින් පැහැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී වැලිමඩ – හපුතලේ මාර්ගයේ දමා ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.
ඔහු ඌව පරණගම ප්‍රදේශයේ සිය නිවසට පැමිණ සිටියදී වැලිමඩ නගරයට යම් කටයුත්තක් සඳහා පැමිණ ඇති අතර එහිදී වැලිමඩ පැරණි පාලම අසලදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු බලහත්කාරයෙන් වෑන් රථයට නංවාගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව ඔහු වැලිමඩ – හපුතලේ මාර්ගයේ දමා ගොස් සිටිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.
සිද්ධියට සම්බන්ධයෙන් වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 51 ත් අතර පුද්ගලයන් පස්දෙනෙකු වැලිමඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙලෙස පැහැරගෙන ගොස් පහරදීමට හේතු වී ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ටෙලිනාට්‍යක නිෂ්පාදන කටයුත්තක දී ඇති වූ පුද්ගලික ආරවුලක් බවටයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.


