29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවට ඩිජිටල් ID දෙන්න ඉන්දියාවෙන් ආධාර

ලංකාවට ඩිජිටල් ID දෙන්න ඉන්දියාවෙන් ආධාර

ශ්‍රී ලංකාවේ ජනතාවට නවීන තාක්‍ෂණයෙන් යුත් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර තිබේ.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊට අදාළ කටයුතු මේ වනවිට ශක්‍යතා මට්ටමේ පවතින බවත් ඒ අනුව නව හැඳුනුම්පත හඳුන්වාදීමේ මූලික පියවර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අතර ඉකුත් සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.