25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ 20ක් අත්අඩංගුවට

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ 20ක් අත්අඩංගුවට

නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 20 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා අටක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ එම කලපු ප්‍රදේශයේ ඊයේ (05) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 4 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 3ක් අත්අඩංගුවට ගැනුණා.

කෝකිලායි කලපු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් ධීවර දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා පහක් සහ ධීවර ආම්පන්න ද නාවුක හමුදා භාරයට ගනු ලැබුවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් හා 59 ත් අතර, වන පුල්මුඩේ, ත්‍රීකුණාමලය, කෝකිලායි, මන්නාරම, මදුරන්කුලිය, රොටවැව, මීගමුව, කටුනේරිය, සහ මාතර යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.