25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපා වන්දනා වාරය අවසන්

සිරිපා වන්දනා වාරය අවසන්

සිරිපා වන්දනා වාරය අවසන් කරමින් සිරිපා මළුව්වේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව සහ දේවාකරණ සැල්මඩුල්ල – ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම අද සිදු කෙරුණා.

මිළග සිරිපා වන්දනා චාරය එළඹෙන තුරු චාරිත්‍රානුකූලව් එම පූජා භාණ්ඩ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර, අවාරයේ සිරිපා කරුණා නොකරන ලෙසක් එසේ සිදුකරන්නේ නම් පරිසරය සහ පුදබිම ආරක්ෂා කර ගන්නා ලෙසන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.