30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරයාගේ පහරින් සිසුවියක් රෝහලට

ගුරුවරයාගේ පහරින් සිසුවියක් රෝහලට

යාපනයේ පාසල් සිසුවියක් පන්තිභාර ගුරුවරයාගේ පහර දීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

යාපනයේ වලිකාමම් ප්‍රදේශයේ පාසලක තුන් වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකට පන්තිභාර ගුරුවරයා විසින් පහර දීම නිසා එම සිසුවිය තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ සිසුවියගේ දකුණු අත උස්සා ගැනීමට නොහැකි අන්දමට තුවාල වී ඉදිමී ඇති අතර දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත.

තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විමර්ශනයක් ආරම්භ කර තිබේ.