29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතමිම් ඉක්බාල් එක්දින පිටියට සමුදීමේ තීරණය ඉල්ලා අස්කර ගනී

තමිම් ඉක්බාල් එක්දින පිටියට සමුදීමේ තීරණය ඉල්ලා අස්කර ගනී

එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ඊයේ නිවේදනය කළ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් සිය තීරණය ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ බංග්ලාදේශ අගමැතිනි ශීක් හෂීනා මහත්මියගේ මැදිහත් වීම හේතුවෙන්.

අද දහවල් තමිම් ඉක්බාල් සහ අගමැතිවරිය අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවට තමිම් ඉක්බාල්, ඔහුගේ බිරිඳ මෙන්ම හිටපු නායක Mashrafe Mortaza මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Nazmul Hassan ද එක්ව තිබෙනවා.

ක්‍රිකට් මාධ්‍ය වාර්තා ඊයේ (06) සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මාධ්‍ය හමුවකට එක් වූ තමීම් අතිශයින් හැඟීම්බර වූ අතර කඳුළු සලමින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරඟය පරාජයට පත් වී දිනකට පසුවයි තමිම් ඉක්බාල් මෙම තීරණය ගෙන ඇත්තේ.