30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“විසුම්පාය ” සුපිරිම හෝටලයක් වෙයි

“විසුම්පාය ” සුපිරිම හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

1835 වසරේ අගෝස්තු 24 වන දින උතුමාණන්ගේ විලියම් රජු විසින් යටත් විජිත සමයේදී කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙසටයි භාවිත කර තිබුණා.

විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් (Acland House) ලෙසටයි.
මෙය කොළඹ නගරය මැද පිහිටි පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසද හැඳින්විය හැකියි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි පැවැත්වෙන, පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන ලෙස ආයෝජන සඳහා යෙදවීමේ විශේෂ වැඩසටහනට අනුවයි මෙම ගොඩනැගිල්ල හෝටලයක් බවට පත් කෙරෙන්නේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී අද අත්සන් තැබුණා.