29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරාහුල් ගාන්ධිගේ වරද අධිකරණය තහවුරු කරයි

රාහුල් ගාන්ධිගේ වරද අධිකරණය තහවුරු කරයි

ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අභියාචනය විභාග කිරීම අවසන් වන තුරු තමන් වරදකරුවකු ලෙස නම් කිරීම අත් හිටුවන ලෙස රාහුල් ගාන්ධි විසින් ගුජාරාත් මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීම එම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඔහුට එම අවස්ථාව අහිමි වී ඇත්තේ.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය පෙන්වා දී ඇත්තේ මෝදි වාසගමට අපහස කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල ලෙස සිදු කර ඇති බවයි.

ගුජරාට් අධිකරණය එම ඉල්ලීම අනුමත කරනු ලැබුවේ නම් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට රාහුල් ගාන්ධිට හැකියාව තිබූ නමුත් රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.