33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනියඟයෙන් උතුරේ ජනතාවට දැඩි පීඩා

නියඟයෙන් උතුරේ ජනතාවට දැඩි පීඩා

උතුරු පළාතට බලපා ඇති දැඩි නියං කාලගුණය හේතුවෙන් මේ වනවිට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉදිරි සති කිහිපය තුළ වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් වේගයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි ඔවුන් සඳහන් කළේ.

දිවයිනේ සියලු පළාත් නියඟය හේතුවෙන් පීඩාවට පත් වුවද ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරේ ජනතාවටයි.

උතුරේ ජනතාව මේ නියං කාලගුණය හේතුවෙන් විශාල පානීය ජල ගැටලුවකට මුහුණ පා ඇති බවත් ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආරක්ෂක අංශ විසින් බවුසර මගින් ජලය ලබාදීමට පියවර ගෙන තිබේ.