33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී තිබෙනවා.

මෙගා වොට් 270ක් නිපදවන ඒකකයකුයි මෙලෙස ක්‍රියා විරහිත වී ඇත්තේ.

නොරොච්චෝලේ නඩත්තු කටයුතු සඳහා ජුනි මාසයේදී තවත් ඒකකයක් වසා දැමීමත් සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ එක් ඒකකයකින් පමණක් බවයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි.