23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට අලෙවි වූ අඹ ගෙඩිය

රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට අලෙවි වූ අඹ ගෙඩිය

වවුනියාව උක්කුලාන්කුලම පිල්ලයාර් කෝවිලේ පැවති වෙන්දේසියක දී අඹ ගෙඩියක් රුපියල් එක්ලක්ෂ හැට දෙදහසක මුදලකට ඊයේ (26) සවස අලෙවි වී තිබෙනවා.

කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී යි අඹ ගෙඩියක් මෙලෙස ඉතා ඉහළ මිලකට අලෙවි වී ඇත්තේ.

උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අඹ ගෙඩිය රුපියල් 162000ක මුදලකට ලබා ගෙන තිබෙනවා.

කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කෝවිල් පාලක සභාව විසින් මෙම වෙන්දේසිය සංවිධාන කර තිබුණා.

මීට දින කිහිපයකට පෙර උක්කුලාන්කුලම ප්‍රදේශයේම කෝවිලක වෙන්දේසියකදි අඹ ගෙඩියක් රුපියල් 85000ක මුදලකට වෙන්දේසි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික උත්සව මේ දිනවල පවත්වන අතර ඒ වෙනුවෙන් සහභාගී වීමට විදේශගතව සිට මෙරටට පැමිණ සිටින ගම්වාසීන් ලක්ෂ ගණන් මුදල් ලබාදී තමන්ගේ ගම්මානවල කෝවිල් සංවර්ධනය කරන බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.