26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකහවත්ත රෝහලේ ඇස් දොස්තර රට ගිහින් – රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවය

කහවත්ත රෝහලේ ඇස් දොස්තර රට ගිහින් – රෝගීන් විශාල පිරිසක් දුෂ්කරතාවය

රත්නපුර – කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වීම හේතුවෙන් රෝගීන් විශාල පිරිසක් මේ වන විට දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වනරෝගීන් මෙලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තා වන්නේ.

මෙම රෝහලේ දී සතියට දින 06ක් අක්ෂි සායන පත්වන අතර, අක්ෂි ශල්‍යකර්ම දිනකට 150ක් 200ක් අතර ප්‍රමාණයක් රෝහල තුළ සිදුකර තිබෙනවා.

රෝහලට සිටි අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මාසයේ විදේශ විදේශගත වීම හේතුවෙන් අක්ෂි රෝගීන් දැඩි අසරණතාවයට පත්ව සිටින අතර, එම රෝගීන් ඉල්ලා සිටින්නේ රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙසයි.