28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගැබිනි කාන්තාවන් යොදවා මුදල් පසුම්බි සොරකම් කිරීමේ ජාවාරමක්

ගැබිනි කාන්තාවන් යොදවා මුදල් පසුම්බි සොරකම් කිරීමේ ජාවාරමක්

ගැබිනි කාන්තාවන් යොදවා මුදල් පසුම්බි සොරකම් කිරීම පිළිබඳ පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවැතුම්පොළේ සහ මහජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවලයි.

මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙන්නේ අදාළ පිරිස හඳුන්කූරු අලෙවි කරන මුවාවෙන් මෙම සොරකම සිදු කරන බවයි.

මේ අතර ගැබිනි කාන්තාවක් පසුගිය දිනක අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ දී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවක් පරීක්ෂා කිරීමේ දී හෙළි වූ බව පොලීසිය සඳහන් කළේ ය.

මේ වන විට අණාවරනය වී ඇත්තේ ගැබිනි කාන්තාවන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් නගරයට ගෙනැවිත් මෙම ව්‍යාපාරයේ යොදවන බවයි.

කෙසේ වෙතත්, පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ආකාරයේ සොරකම් සඳහා ගැබිනි කාන්තාවන් පිරිසක් අම්බලන්ගොඩ නගරයේ යොදවා ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන ලෙසයි.