30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන්දනාකරුවන් රැගත් බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්

වන්දනාකරුවන් රැගත් බස්රථයක්, අනුරාධපුර – තන්තිරිමලය ප්‍රධාන මාර්ගයේ මානිංගමුව – ඔයාමඩුව ප්‍රදේශයේදී ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඊයේ (30) රාත්‍රියේ සිදුවූ එම ප්‍රහාරයෙන් බස්රථයට දැඩි හානි සිදුව තිබෙනවා. මෙසේ ඇතාගේ ප්‍රහාරයට ලක්වූයේ මාතර සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් රැගත් බස් රථයකි.

මෙම දළ ඇතා ප්‍රදේශයේ ජීවිත රැසක් බිලිගෙන ඇති බවත් නිවාසවලට ද දැඩි හානි සිදුකර ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

එමෙන්ම මීට පෙරද මෙම ඇතා විසින් මාර්ගයේ ගමන් කරන වාහනවලට පහර දී ඇති බව ද ගම්වාසීහූ පවසති.

ඇතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට විසඳුම් නොලැබුණු බවට ද ගම්වාසීහූ චෝදනා කරති.