සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මසක් ඇතුළත රුපියල් බිලියනයකින් ඉහළ නැංවී ඇති බව රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් සම්බන්ධයෙන් සිදු කරන ලද නියෝගය අනුව සිදු කරන ලද වැටලීම් සහ දඩ ගැසීම් හේතුවෙන් .
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදි පසුගිය අගෝස්තු මස 10 වෙනිදා මෙම තීරණය ගෙන ක්‍රියාවට නැංවූ බවයි සඳහන් වන්නේ.


