― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමොරොක්කන් හෑෂ් සමඟ අයෙක් අත්අඩංගුවට

මොරොක්කන් හෑෂ් සමඟ අයෙක් අත්අඩංගුවට

මොරොක්කන් හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ඓඓ හි නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (27) මීගමුව පොලිස් වසමේ අවන්හලක් පිටුපස රථගාලේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහිදී මොරොක්කන් හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274 සන්තකයේ තබාගෙන සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.