― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගජමුතු දෙකක් අලෙවි කිරීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

ගජමුතු දෙකක් අලෙවි කිරීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ගජමුතු දෙකක් අලෙවි කිරීමට තැත් කළ තිදෙනෙක් අත්අඩංගුවට

කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන ඒවා අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු සහ එම කටයුත්තට ආධාර අනුබල ලබාදුන් තවත් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම ඊයේ (08) පෙරවරුවේ සිදුකර ඇති අතර, කොම්පඤ්ඤවීදිය පොලිස් බලප්‍රදේශයට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණය ආසන්නයේදී සැකකරුවන් ගජමුතු අලෙවි කිරීමට සූදානම්ව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් වයස අවුරුදු 38, 46 සහ 47 යන වයස් කාණ්ඩවල පසුවන අතර, ඔවුන් තලවතුගොඩ, මීතලාව සහ දොලොස්බාගේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද අනාවරණය වී තිබේ.

සිද්ධියට අදාළව ඉදිරි නීතිමය කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.