― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි

පසුගියදා ආරම්භ කරන ලද රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර මහතා පැවසුවේ, ගෙවුණු දින කිහිපය තුළ අම්පාර, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් රුපියල් මිලියන 7.8ක වටිනාකමින් යුත් වී තොග මිලදී ගෙන ඇති බවයි.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සහ සාර්ථකව සිදු කෙරෙන බව ද වාර්තා වේ.

ඊට අමතරව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, තන්තිරිමලය සහ උප්පුවේලි ප්‍රදේශවල පිහිටි ගබඩා ද වී මිලදී ගැනීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.