ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ සිසුන්ගේ තොරතුරු සංශෝධනය කිරීම සඳහා (23) සිට අගෝස්තු 03 දක්වා මාර්ගගත පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
අදාළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන මේ වන විට පාසල් මගින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති අතර, එහි සඳහන් නම, පෞද්ගලික තොරතුරු හෝ වෙනත් විස්තරවල සංශෝධනයක් අවශ්‍ය නම්, නියමිත කාලසීමාව තුළ එය මාර්ගගතව සිදු කළ හැකි බව සඳහන් වේ.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” සේවාව භාවිතා කිරීමෙන් හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අවශ්‍ය සංශෝධන සිදු කළ හැකිය.
මේ අතර, 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිනයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


